ගුරු වැටුපත් ඉහළතම වැටුප්තල දහය ඇතුළට😲

 


කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් ගැනයි.

ඒ අනුව රජය විසින් ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඒ මහතා සදහන් කළේ ය.


නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (13) මහරගම ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති  ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් ය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,

"ගොඩක් අය අහනවා තුනෙන් දෙක ගැන. ගුරු වැටුප් විශමතාවය ගැන.ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ.

ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාවන් 05 අන්තර්ගතයි.

ඒ නිසා මේ සේවාවන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා.

ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩි කරන්නෙ කොහොමද, කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා." 

Post a Comment

0 Comments