5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලකුණු පිළිබඳ අභියාචනා ජනවාරි 27 වන දා සිට පෙබරවාරි 6 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන් ම, මෙවර දරුවන් 18 දෙනෙකු ඉහළ ම ලකුණු ලබාගෙන සිටින බව වියභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
අද (ජන. 24) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.
ඊයේ (ජන. 23) නිකුත් කළ ප්‍රතිඵලයට අනුව, 5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයා වූ දරුවා ලකුණු 188 ලබා ගෙන ඇති බවත් ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.
පසුගිය වසරේ සැප්තැම්බර් 15 පැවති විභාගයට සිසුන් 323,900ක් අයැදුම් කළ බවත් ඉන් 319,284 දෙනෙකු විභාගයට පෙනී සිටි බවත් එතුමා තවදුරටත් දන්වා සිටියේය.
For online application click this link/ අන්තර්ජාලය හරහා ඉල්ලුම් කිරීමට පහත ලින්කුවෙන් පිවිසෙන්න.
එසේත් නොමැති නම් මේ සඳහා ඔබගේ දරුවාගේ පන්තිභාර ගුරුතුමා හමුවන්න.
උපුටා ගැනීමකි
කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය
.jpeg)


0 Comments