ගෑස් පාවිච්චි කරන හැමෝම දැනුවත් වෙන්න....
ගෑස් කාන්දුවකින් පිපිරීමක් උනහම හුඟ දෙනෙක් හිතනව ගෑස් සිලින්ඩරය පුපුරල කියල. ගොඩක් දුරට නැහැ. ඒක වෙන්නේ මෙහෙමයි.
දවසේ වැඩ කටයුතු ඉවර වෙලා කුස්සිය ඇතුලු නිවසේ ලයිට් නිවල ඔබ නින්දට යනව. රාත්‍රීයේ හෝ උදෑසන අවදි වන ඔබට නිවස තුළින් ගෑස් ගඳක් එනව. ඔබ දන්නව කුස්සියෙ ගෑස් එක තියෙනව කියලා. ඔබ කරන්නේ මොකද වෙලා තියෙන්නෙ බලන්න කුස්සියට ගිහින් කුස්සියේ ලයිට් එකේ ස්විච් එක දානව. ඒ එක්කම ඔබට හිතන්නවත් වෙලාවක් නැතිව මහා විනාශයක් කරමින් බෝම්බයක් පුපුරනව. ඒ පිපිරීමෙන් ඔබේ ගේ දොර පමණක් නොව ඔබේ ජීවිතයද අහිමිවීම හෝ බරපතල තුවාල විය හැකියි.
කොහොමද එහෙම වෙන්නෙ?. ඔබ ලිපේ වැඩ ඉවර වුනාම රෙගුලරයෙන් බටය හරහා ගෑස් ලිපට ඒම වහන්නෙ නැහැ. කුමන හේතුවක් මත හෝ ලිපට සම්මන්ද බටය ගැලවීමෙන් හෝ බටය මීයෝ කා සිදුරු වී ගෑස් කාන්දු වෙනවා . රාත්‍රීයේ නින්දට ගිය වෙලාවට ගෑස් කාන්දු උනාම අනතුරුව අවදානම වැඩියි. ගැස් කාන්දුවකින් නිවසේ හෝ කුස්සියේ හැමතැනම ගෑස් විහිදෙනව. ඒත් අනතුරක් නැහැ.
අනතුර කරන්නෙ නොදනුවත් බව. රාත්‍රීයේ නිදිමතේ ගෑස් ගඳට ඉව අල්ලා කුස්සියට යන ඔබ මොකද වෙලා තියෙන්නෙ බලන්න කුස්සියේ විදුලි සුවිචය දානවත් එක්කම නිවස තුල පිරී තියන ගෑස් වලට විදුලි ස්විචයෙන් සිදුවන ඉන්ඩිකේට්වීම නැතිනම් ප්‍රති ක්‍රියා වීමත් සමඟ පීඩනය බෝම්බයක් ලෙස පුපුරනව. විදුලි ස්විචය නැතත් ගිනිකූරක් පත්තු කලත් ඔය දේ වෙනවා.
මේක වලක්ව ගන්න මොකද කරන්න ඕනේ?. ගේ ඇතුලේ ගැස් ලීක් වෙලා කියල දැනුණ ගමන් වෙන මුකුත්ම නොකර නිවසේ සියලු දොර කවුලු විවෘත කරලා නිවස තුල තියෙන ගෑස් පිටතට යන්න සලස්වන්න. දැන් බය නැතිව කුස්සියට ගිහින් ගෑස් සිලින්ඩරයේ රෙගුලරය ගලවල ගෑස් ටැංකිය එළියට දාන්න. මේක කරන කොට ගෑස් කොච්චර ලීක්වෙලා තිබුනත් ගින්දර සම්බන්ද නොවන තාක් ඔබට කිසිම අනතුරක් නැහැ. පවුලේ හැමෝම දැනුවත් කරන්න.
උපුටා පළ කිරීමකි.
.jpeg)
0 Comments