නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට - විභාග සහ විෂයමාලාත් වෙනස්වෙයි අගමැති හරිනි කියයි..

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි.

අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ, පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.

අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ, අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් 2026 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර, විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බවය.

"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇඟයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා."

එසේම අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය හා ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවත් එම විෂයන් කිසිවිටෙකත් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

"අපි දකින විදියට මේ විෂයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒවා අන්තර්ගත විය යුතුයි විෂය මාලාවට."

මේ අතර අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යමින් සිටින අවස්ථාවක අංශ තුනකින් එය සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් වර්ධනය මෙන්ම පාසල් විෂය අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බව ද පැවසුවාය. 


Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gma

Post a Comment

0 Comments