කෙන්යාටව වැටුණු පිටසක්වල වස්තුව....෴😲

03/01/2025 20:25:00 


                විශාල රතු පැහැයට හුරු උණුසුම් දැවැන්ත ආකාශ වස්තුවක කැබැල්ලක් කෙන්යාවේ ගම්මානයකට කඩා වැදී තිබෙනවා.

ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කළ එරට ජාතික අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය අභ්‍යවකාශ වස්තුවක කැබැල්ලක් බවයි.මීටර් දෙක හමාරක් පළල මෙම වස්තුව කිලෝග්‍රෑම් 500 ක බරකින් යුක්ත වනවා.ආසන්න වශයෙන් මීටර් දෙක හමාරක විශ්කම්භයක් සහිත එය ලෝහමය වළල්ලක් ලෙසටයි  දිස් වන්නේ.

රොකට්ටුවකින් වෙන් වූ වළල්ලක් විය හැකි බවට විශ්වාස  කළ ද අභ්‍යවකාශ සුන්බුන් සාගරයට වැටීම හෝ පෘථිවි වායු ගෝලයට ඇතුළුවීමට පෙර දැවී යායුතු වනවා.

ඒ අනුව මෙම අභ්‍යවකාශ වස්තුව පිළිබඳ තවදුරටත් පරික්ෂණ පැවැත් වෙන බවයි කෙන්යා විද්‍යාඥයන් පවසන්නේ.

Post a Comment

0 Comments