01/01/2025 18:15:00
බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් 40කට තුවාල සිදු වූ පසුගිය නොවැම්බර් මස සිදුවූ
බස් රථ අනතුරින් තුවාල ලැබූ බස්රථ රියදුරු සමග සිසුන් පිරිසක් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවූ අතර
තුවාල ලබා ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විසිහතර හැවිරිදි තවත් සිසුවකු අනතුර වී දින ගණනාවකට පසු පෙරේදා (30) මියගොස් ඇතැයි
බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ, රඹුක්කන පින්නවල නාගයායවත්ත ප්‍රදේශයේ, එල්. මිනුර වහලවත්තේ නමැති සිසුවාය. පසුගිය නොවැම්බර් පළමු වැනිදා සිදු වූ මෙම මාරක අනතුරින් සිසුවියෝ දෙදෙනෙක් මීට පෙර මියගියහ.
2
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ලට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර, පසුව පස්සර පැල්ගහතැන්න ඌව කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ 31දා රාත්‍රී නවාතැන් ගෙන යළි පසු දින වූ 1වැනිදා පස්සර සිට බදුල්ල හරහා රන්ටැඹේ යමින් සිටියදී බදුල්ල- මහියංගණ ප්‍රධාන මාර්ගයේ අඹගහඔය 5 කනුව
ප්‍රදේශයේදී මෙසේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි පෙරළීයාමෙන් මෙම අනතුර සිදු විය
කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය...

.jpeg)
0 Comments