මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ගත් හපනුන්.. ❤️


 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි, විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ.

ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් බවයි පැවසෙන්නේ.

නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව ඇත.

ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් බවයි පැවසෙන්නේ.

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සමත්ව ඇත්තේ 15.12%ක ප්‍රමාණයක්.

එමෙන්ම මෙවර ප්‍රතිඵල අනුව දරුවන් 77.96%ක ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩිගෙන් ලබාගෙන අතර එයද පසුගිය වසරට සාපේක්ෂව සුළු වැඩිවීමකි.

2023 වසරේදී දරුවන් 77.75% ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩියෙන් ලබාගෙන ඇත.

එමෙන්ම විභාගයට පෙනී සිටි දරුවන් 37.70% ප්‍රමාණයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන තිබේ.

කෙසේ නමුත් 2023 වසරට සාපේක්ෂව එය සැලකිය යුතු අඩුවීමක් බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේදී විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 45.06% ප්‍රතිශයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන තිබීම ද විශේෂ්වයක්.


Copied 

Gagananews

Post a Comment

0 Comments