යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට....

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.එතුමා තවදුරටත් දන්වා සිටියේ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව යෝෂිත රාජපක්ෂ මහතා වීසින් වැරැදි සිදුකර ඇති බවට සාක්‍ෂි ඇති බව දන්වා සිටීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

 

අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බවද ඔහු පැවසීය.

Copied 

කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය 

Post a Comment

0 Comments