වසර ගණනක් උනත් අහසේ ඉන්න පුළුවන් පක්ෂියෙක් ගැන දන්නවද

 


ඇල්බට්‍රොස් යනු වසර ගණනාවක් ගොඩබිමට ගොඩබෑමකින් තොරව අහසේ ගත කළ හැකි විශාලතම සහ එකම පක්ෂියාය.


 ඔවුන් තම ජීවිතයේ පළමු වසර 6 ගත කරන්නේ ගොඩබිමට නොයා සාගරයට ඉහළින් පියාසර කරමිනි. යම් විවේකයකට නිශ්චල මුහුදු ජලය මත පාවීමෙන් ඔවුන් ගමන් විඩාව සංසිඳවාගනී...


ඔවුන් බොහෝවිට නිදාගන්නෙ පියාඹන ගමන්ම තමයි.. නැත්නම් සාගර ජල තලය මත ඔවුන්ට නිදාගන්නත් පුළුවන්. ඇත්තටම ඔවුන් නිදාගත්තත් මොළයේ අර්ධයක් ක්‍රියාශීලීව තමයි තියෙනව කියන්නෙ.. මොකද හදිසි දෙයකදි ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න ඒ නිසා ඔවුන්ට පුළුවන්.. 


පියාඹන ගමන් නිදාගනිද්දි ඔවුන් අත්තටු සුලං හමන දිශාවට යම් ආනතියකට හරවමින් ලොක්කරගැනීමක් වැනි දෙයක් කරනව ඒ නිසා ඔවුන්ට කිලෝමීටර් සියගණනක් උනත් පාවීමෙන් නිදාගන්න හැකියි, එය අප ගුවන්යානා වල දකින ඔටෝ ෆයිලට් සිස්ටම්එකට සමාන ක්‍රියාවලියක්..


සාගරයෙන් අල්ලාගන්න මසුන් ආහාරයට ගනිමන් නොකඩවා පියාඹන මෙම පක්ෂීන් නැවත ගොඩබිමට පැමිනෙන්නෙ පරිණත වීමෙන් පසුව තම සහකරු හෝ සහකාරිය සොයාගත් පසුව බිත්තර දැමීමට පමණි...


එක් ගමනකදී සැතපුම් 10,000 කට වඩා ගමන් කර දින 46 කින් ලොව වටා ගමන් කිරීමට මෙම පක්ෂීන්ට හැකිබව පර්යේෂකයන් විසින් gps ඇසුරෙන් කල පර්යේෂණ වලින් තහවුරුකරගෙන ඇත... 


Copied.. 

Post a Comment

0 Comments