අඩ නිරුවත් ඇඳුමකින් සැරසී සම්මානයක් ලබාගත් යුවතියගේ අනන්‍යතාවය හෙළිවෙයි


පච්චයක් කොටනා ලද කලවා ප්‍රදර්ශණය වන ආකා‍රයේ ඇඳුමකින් සැරසී සම්මානයක් ලබාගන්න තරුණිය සැබැවින්ම ශ්‍රී ලංකික තරුණියක් නොවනා බව එම ඡායාරූපය පිළිබඳව කරනා ලද සත්‍ය තොරතුරු විමර්ශනය කිරීමේදී (Fact Check) තහවුරුව ඇත.

එම තරුණිය ලාංකික තරුණියක් බව පැවසෙන පෝස්ටු ගණනවක් මෙරට සමාජ මාධ්‍ය හී සංසරණය වෙමින් තිබේ. එහෙත් මෙම ඡායාරූපය මෙරට පැවැත්වූ සම්මාන උළෙලකචලවස්ථාවක් නොව, ඉන්දියාවේ පැවැත්වූ “MAHA MEGA” නමැති ව්‍යාපාර උළෙලක අවස්ථාවක් බව සනාථව ඇත .

එම ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන Aayushi Jaiswal නමැති තරුණිය බවත් එම සම්මාන උළෙලේදී ඇය සමානය ලබාගන්නා අවස්ථාවේ ගත් ඡායාරූපයක් මෙලෙස වැඩි ආකර්ශනයක් ලබාගනු වස් තම යොදාගෙන ඇතිබවත් ඒ අනුව තහවුරු වෙයි



Post a Comment

0 Comments