ඇමරිකාවේ Navy seal බළකායේ දරුණු පුහුණුව 😶


 ඇමරිකාවේ Navy seal බළකායේ දරුණු පුහුණුව 😶


ඇමරිකාවේ Navy seal බලකායේ  පුහුණු අභ්‍යාස අතර ප්‍රමුඛත්වයක් ගත් පුහුණු අභ්‍යාසයක් තමයි මේ  ප්‍රතිලෝම නීතිය කියන්නේ.මේ පුහුණුව නාවික සෙබළුන් මුහුණ දෙන ජීවිතයත් මරණයත් අතර සටනක් කිව්වොත් නිවැරදියි.😱


ඔයා නිකමට මේ අභියෝගයට මුහුණ දෙන නාවික සෙබළෙක් කියලා හිතන්නකෝ. නාවික හමුදාවේ උපදේශකයින්  ඔයාගේ  අත් පා බැඳලා  අඩි 9ක් ගැඹුරු තටාකයකට විසි කරනවා. ඉතින් ඔයාගේ   ඉලක්කය තමයි වතුර යට  විනාඩි 5 ක් ජීවත් වීම. 🥵 සමහරු ඉක්මනට  බයේ කලබල වෙලා බේරිලා උඩට එනවා.ඒ කියන්නේ ඔවුන් ඒ පරීක්ෂණයෙන් අසමත් කියලා.සමහරැන්  හුස්ම ගන්න බැරිව අතරමග  මිය  යනවා. නමුත් බොහෝ දෙනෙක් සාර්ථක වන්නේ පරීක්ෂණයේ රහස් ඔවුන් තේරුම් ගන්නා අකාරය අනුවය.


පළමු රහස : ඔබ ඔබේ හිස වතුරට ඉහළින් තබා ගැනීමට උත්සාහ කරන තරමට ඔබ ගිලීමට ඇති ඉඩකඩ වැඩිය. ඔබේ අත් සහ පාද බැඳ ඇති විට විනාඩි 5 ක් පාවී සිටීමට නොහැකි ය. 😱🥶


දෙවන රහස: ඔබ කලබල වන තරමට ඔබ වැඩි ඔක්සිජන් පරිභෝජනය කරයි. 


 ඔබ ජීවත්ව සිටීමට උත්සාහ කරන තරමට ඔබට ජීවත් වීමට ඇති ඉඩකඩ අඩුය.ඔබ කළ යුත්තේ සම්පූර්ණයෙන්ම විවේකීව ගිලී යාමට ඉඩ දීමයි. ඔබ පතුලට ළඟා වූ පසු හුස්ම ගැනීමට ඔබව නැවත මතුපිටට තල්ලු කරන්න. ඉන්පසු නැවත එය  කරන්න. මෙම කතාව ප්‍රතිලෝම නීතිය මනාව විදහා දක්වයි.❤️🥵👊


Destination Diaries

Copied 

Post a Comment

0 Comments