ජර්මනියේ දේශපාලන පක්ෂ නායිකාවගේ ලංකාවේ සමලිංගික සහකාරිය.. 🤔

12/31/2024 12:40:00 PM

“ජර්මනිය සඳහා විකල්පය” (AfD) පක්ෂයේ නායිකාව වන ඇලිස් වීඩෙල්ගේ සමලිංගික සහකාරිය පිළිබඳව එලෝන් මස්ක් කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය පුරා විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙම ප්‍රකාශය මස්ක් විසින් ජර්මනියේ Welt am Sonntag පුවත්පතේ පළ කළ ලිපියකදී සිදු කර ඇති අතර, AfD පක්ෂය අධික දක්ෂිණාංශික ලෙස නිරූපණය කිරීම අසත්‍යයක් බව ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ, “අලිස් වීඩෙල්ගේ ශ්‍රී ලාංකික සමලිංගික සහකාරියක් සිටින්නේ ය. එය හිට්ලර් වගේද?” යනුවෙනුයි.

විඩෙල්ගේ සමලිංගික සහකාරිය ශ්‍රී ලංකාවේ සිට පැමිණි විදේශිකයෙකු වන අතර ඇය ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින බවයි එහි සදහන් කර ඇත්තේ.

මෙම ලිපිය පළ කිරීමෙන් පසු Welt am Sonntag පුවත්පතේ අදහස් අංශයේ කතුවරිය ද ඉල්ලා අස්වී තිබෙනවා
.

කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය...

Post a Comment

0 Comments