මාෆියාවට තිත. හමුදා විරුවන් පෙරමුණට

 


මෙම මාස් කන්නයේ දී රජය මැදිහත් වී මිල දී ගන්නා වී ගබඩා කිරීම සඳහා දිවයින පුරා පිහිටි ගබඩා 30කට අධික ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාව මඟින් ප්‍රතිසංස්කරණය කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්තාවලට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යාපනය මෙහෙයුම් අංශය මඟින් වී ගබඩා 10ක් ප්‍රතිසංස්කරණය කර තිබේ. එසේ ම නැඟෙනහිර බලප්‍රදේශයේ වී ගබඩා තුනක් ද, බටහිර බලප්‍රදේශය යටතේ වී ගබඩා පහක් ද, මධ්‍යම බලප්‍රදේශය යටතේ වී ගබඩා නවයක් ද සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.

ඊට අමතරව දිවයිනේ තවත් ප්‍රදේශවල වී ගබඩා ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව හෙළි කර තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු දියත් කර තිබේ. රට පුරා පිහිටි තවත් ගබඩා 209ක් මේ මස අවසන් වන විට ප්‍රතිසංස්කරණය කිරීමට සැලැසුම් කර ඇති බව ද ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රකාශ කර තිබේ.

Copied 


Post a Comment

0 Comments