ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු හොරණ රාජකීය විදුහලෙන්..




 2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි යෙවින්‍යා සිසුවියයි.

ඇය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 188කි.



 වර්ෂ 1978 රයිගම් පුරවරයේ අතිශයින්ම සුන්දර නර්තනගල කදු පාමුල පරිසරයක රාජකීය විද්‍යාලය ස්ථාපිත විය..සුන්දර පරිසරයක් හිමි මෙම පාසල 2000 වසරෙදි ජාතික පාසලක් බවට පත්විය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයා බිහිකිරීමට මෙම පාසල සමත් විය.

හොරණ  මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙක් වන  දිළුම්ම මදුරංග වන ඇත ඇගේ   සජානා නේපාලි  මහත්මියයි.

හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන  කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල්  අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම ද මෙම ජයග්‍රහණය පිටුපස මනා පිටුවහලක් වූ බව වාර්තා වෙයි.

 










Post a Comment

0 Comments