ඔයාගේ ඉඩමේ අඩි දහසය හමාරක් දිග අඩි දහසය හමාරක් පළල හතරැස් භූමි ප්‍රදේශයක් පර්චස් එකක් ලෙස සරලවම හඳුන්වන්න පුළුවන්.
තවත් විදියකින් කියනවනම් වර්ග අඩි 272.25 කියල කියන්නෙත් පර්චස් එකක ඉඩ ප්‍රමාණයට.
ඒ කිව්වේ ඉඩමේ දිග අඩි 16.5 × පළල අඩි 16.5 = වර්ග අඩි 272.25
අපි හිතමු ඔයාගේ ඉඩම මනින්න ඕනේ කියලා පර්චස් කොච්චරක් තියෙනවද කියලා බලන්න....
ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ඉඩමේ එක පැත්තක දිගයි එක පැත්තක පළලයි වෙන වෙනම හොයාගෙන ඒ දිග පළලින් ගුණ කරාට පස්සේ ඔයාට ලැබෙනවා ඉඩමේ වර්ග අඩි ප්‍රමාණය...
එහෙම ඔයාගෙ ඉඩමේ හරියටම වර්ගඅඩි ප්‍රමාණය හොයා ගත්තට පස්සේ ඒ වර්ගඅඩි ප්‍රමාණය බෙදන්න ඕනේ 272.25න්
අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඉඩමේ පර්චස් කීයක් තියෙනවද කියලා හරියටම බලාගන්න
මේ කියපු විදිහ තේරුම් නැති කෙනෙක්ට පහත වීඩියෝ බලලා හරියටම තේරුම් ගන්න පුළුවන් පර්චස් එකක් කොහොමද මැන ගන්නෙ කියලා👍
.jpeg)
0 Comments