පාසල් දරුවන්ගේ දෙමව්පියන්ට අගමැතිනියගෙන් සතුටු ආරංචියක්...

 


සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල් තුළ දරුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත්, දරුවන් පාසල් අතහැරයාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.


''පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්''මැයෙන් අනුරාධපුර ජාතික තරුණසේවා සභාව ශ්‍රවණාගාරයේ දී පැවැති දිස්ත්‍රික් කාන්තා සුහද හමුවේ දී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

මෙහිදී වයස අවුරුදු දහතුනට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට පමණක් නොව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන ක්‍රමය තුළ පිරිමි දරුවන් රැඳෙන තත්ත්වයේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බැවින් නව විෂයන් එක්කරමින් සියලුම දරුවන් අධ්‍යාපන තුළ රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඇය සදහන් කරනවා.

එමෙන්ම 2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණයන් මෙම වසරේ දී ආරම්භභ කරන බව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා හයවන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් සඳහන් කළා.. 

උපුටා ගැනීමකි..
පුවත් අයිතිය මුල් හිමිකරු සතුය 

Post a Comment

0 Comments