ලංකාවේ නිධන්
ඒක ගොඩක් අය හරි හැටි නොදන්නා , කුතුහලය දනවන රසවත් මාතෘකාවක් .
ඒත් හරි හැටි නොදැන මේව පස්සේ දුවලා වංචා කාරයන්ට අහුවෙලා කාලයයි සල්ලියි ජීවිතයයි නාස්ති කරගත්ත අයට නම් මේක රසවත් නොවෙන්න පුලුවන්.
කෙසේ වෙතත් මේ මාගේ පුද්ගලික මතය වන අතර කරුණු යම් කිසි සීමාවකට යටත්ව ඉදිරිපත් කිරීම ඇගට ගුණ යයි හැගේ.
සමස්ත භූමි ප්‍රමාණය වගී කිලෝමීටර 65,525
වන භූමියේ පුරාවිද්‍යාත්මක වටිනා කම් ඇති ස්ථාන වගී කිලෝමීටරයට 9000 පමන ඇතැයි කියනු ලැබේ.
මේවා හුදෙක්ම පුරාවිදාත්මක ස්ථාන වන අතර වස්තුව තැන්පත් කල තැන් නොවේ.
පුරාණ වදුල් දෙස බැලීමේදී මේ බව වටහා ගත හැක.
( සරලව කියනවා නම් වදුල යනු ලියවිල්ලකි.)
පුරාණ වදුල් වර්ග
1.ධාතු වදුල
2.දාගැබ් වදුල
3.වැව් වදුල
4.බෙහෙත් වදුල
5.නිදන් වදුල
ලංකාවේ වදුල් නාගර ,බ්‍රාහ්මීය ,සංස්ක්‍රත යන භාශාවන්ගෙන් කියැවී ඇත.
මෑත කාලීනව සිංහලට පරිවර්තනය වූ වදුල් කොටස් ජනතාව අතර පරිශීලනය වනු දැකිය හැකි අතර ඒවායේ නිරවද්‍යතාවය පිලිබදව ගැටලු පවතී.
නිදන් වදුල් දෙස බලන කල ලංකා වදුල ප්‍රධාන තැනක් ගන්නා අතර රැහුණු ,මායා,පිහිටි රටවල් වලට ආවේණික වදුල්ද දැකිය හැක.
මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් ලියවුණු වදුල්ද ඒ ඒ ප්‍රදේශ වල පොත්ගුල් වල දැකිය හැක.
නිදන් වදුල් දෙස බලන කල එම වස්තුව වර්ග
4 කි
1.සඟ සතු
2.දෙවියන් සතු
3.ප්‍රභූන් සතු
4.බමුණන් සතු
ඉහත සිව් වර්ගයටම අයත් වස්තුව එකම ස්ථානයක තැන්පත් කර ඇත්නම් එය සතර මහා නිධානය යනු මාගේ මතයයි.
මෙම සතර වර්ගයට අයත් වස්තුව පොලොවේ බිම් මට්ටමේ සිට අඩි 25 දක්වා හෝ කලාතුරකින් ඊට වැඩි පරාසයක තැන්පත් කර ඇත. ගංගා පිටාර ගැලීම,නාය යෑම් ,වැනි හේතු නිසා මෙම පරාසයන් වෙනස් වේ.
තැන්පතුවක් ඇති ස්ථාන හදුනා ගැනීම.
ගලේ කෙටූ සලකුණු මගින්
නිධන් ගත වස්තුවක් හදුනා ගැනීමට හැකි පහසුම ක්‍රමය සලකුණයි .එහෙත් සලකුනු යටම වස්තුව තැන්පත් කොට ඇත්තේ ඉතා දුලබවය.
සලකුණ යනු වස්තුවට ලගා වීමට ඇති සිතියමකි.බොහෝ දෙනෙකුට එය හුදෙක් ගලේ කෙටූ රූපයක් වන අතර හොදින් නිරීක්ශනය කල විට එතුලින් බොහෝ දෑ පෙන්නුම් කෙරේ.
තවද ලකුණු පිලිබදව පුළුල් අවබෝධයක් ඇත්තෙකුට ලකුණ නිරීක්ෂණය කිරීමෙන් තැන්පතුව ඇති ස්ථානය නිගමනයක කළ හැකිය.
අතේ හුරුව ලබා ගැනීමට ,නොමග යැවීමට සහ වංචාකරැවන් කෙටූ ව්‍යාජ ලකුණු බහුලව ඇති බැවින් ඒවා නිවැරදිව හදුනා ගත යුතු ය.
පාතාල අදුන මගින්
පාතාල අදුන මගින් පොලව තුල ඇති වස්තුව හදුනා ගත හැකි අතර
*වංචාකාරයන් බහුල වීම,
*නිවැරදි පාතාල අදුන නොතිබීම,
* නිවැරැදිව අදුන පෙනෙන පුද්ගලයන් දුලබ වීම
නිසා එම ක්‍රමය පිලිබදව විශ්වාසය වියැකෙමින් පවතී.
වර්තමානයේ නිදන් වදුල් ,යන්ත්‍ර මන්ත්‍ර පිලිබදව ලේඛන අන්තර්ජාලය තුල අලෙවි කරනු දැකිය හැකි අතර ඒවායේ නිරවද්‍යතාවය පිලිබදව ගැටලු පවතී.
ස්කෑන් කිරීම මඟින්
ස්කෑන් කිරීම තවත් සාර්ථක ක්‍රමයකි
වර්තමානයේ විවිධ මිල ගනන් යටතේ විවිද තාක්ෂණික ක්‍රම භාවිතවන ස්කෑන් යන්ත්‍ර විදේශීය වෙළඳපලේ දැකිය හැකි අතර ඒවා අප භූමියට කෙතරම් ගැලපෙනවාද යන්න සහ අපට අවශය දත්ත කොතෙක් දුරට නිවැරදිව ලබා ගත හැකිද යන්න ප්‍රශ්නයකි.
කෙසේ උවත් machine එකේ නිවැරදි භාවය සහ ක්‍රියාකරුගේ දක්ශතාවය මත එහි සාර්ථකත්වය රදාපවතී.
ගලේ කොටපු හා ගලින් කරවපු හැම නිර්මාණයකින්ම නිදානයක් පෙන්නුම් නොකරන අතර
කොන්ක්‍රීට් ,ප්ලාස්ටික් නොතිබුන ඒ යුගයේ සාමාන්‍ය ජන ජීවිතයේදී අවශ්‍ය වන උපකරණ,වාසස්ථාන වැනි දෑ නිශ්පාදනය සදහා ගල් සහ දැව, හුණු බදාම ,මැටි බහුල වශයෙන් බාවිතා කර ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒවා දිරාපත් වී ගලින් කල දෑ ඉතිරි වී ඇත.
සරලම උදාහරණ . ලෝවාමහාපාය
බොහෝ විට ගල් හා සැඩ ජල පහරවල් සහිත ගංගා ඇළ දොළොවල් ආශ්‍රිතව විවිධාකාර ස්වභාවික හැඩතල හා වලවල් නිර්මාණය විය හැක. වස්තුව තැන්පත් කළ තැන් යයි සිතා බොහෝ දෙනා මෙම ස්වභාවික පිහිටීම් වලට වර්තමානයේ රැවටෙනවා දක්නට ඇත.
# නිධන් යනු මිරිගුවකි. නමුත් යථාර්ථයකි#
......෴.................෴......................෴.................෴..........
ප.ලි .
තව යමක් මේකට එකතු කරන්න හිතුවා.
මිනිස්සු මේවා හොයන්න පෙලඹුණේ අද ඊයේ නෙමෙයි.
වර්තමානයේ මේවා ගවේෂණය කරන්නේ හත්වැනි අටවෙනි පරම්පරාව. පොළොව මතුපිට ආසන්නයේ තියෙන ගොඩක් තැන්පත් කිරීම් මේ වන විටත් ගොඩගෙන හමාරයි.
වර්තමානයේ මෙන් අතීතයේ නවීන තාක්ෂණ පහසුකම් නොතිබුණත් නිවැරැදි අඳුන් බැලීම , ලකුණු පිලිබ්ද නිවැරැදි අවබෝධය,ජනාකීර්ණ නොවීම , විශාල නීතිමය ගැටලු ඇති නොවීම , වැනි කාරණා නිසා අපේ පැරැන්නන් විසින් මෙවැනි තැන්පතු බොහෝ ලබා ගත් බවට සාක්ෂි ඇත.
තැන්පතුවක් ඇති ස්ථාන වර්තමානය වන විට දක්නට ඇත්තේ ඉතාමත් දුලබවයි.
වදුල් සම්බන්ධයෙන් කතා කරනවා නම්,
නිවැරදි වදුල් නැති එක තමයි ප්‍රධානම ගැටළුව.අනිත් ගැටළුව තමයි වදුල්වල තියෙන විස්තර මේ වෙනකොට වෙනස් වෙලා තිබීම.ගම්වල ,ප්‍රදේශවල නම්,ඒවායේ සඳහන් විශාල වෘක්ෂ දැන් නොමැති වීම,නායම් වැනි දේශගුණික විපර්යාස නිසා අදාළ ස්ථාන වල පිහිටීම වෙනස්වීම වැනි කාරණා නිසා වදුල් පරිශීලනය කිරීම අපහසුයි.
නිදන් පිළිබඳව සමාජය තුළ පවතින වැරදි මත හා අල්ප දැනුම නිසා වංචාකරුවන් විසින්
විවිධ විවිධාකාර වූ වංචනික කටයුතු සිදු කරන බව පෙනේ.
# පූජා කටයුතු වලට හා වස් ඇරීමට යැයි කියමින් විශාල ලෙස මුදල් ලබා ගැනීම.
# කිසිම තැන්පතු යමක් නැති ස්ථානවල පවා වස්තුව ඇතැයි කියමින් වංචාකාරී ලෙස රවටමින් මුදල් ලබා ගැනීම.
# නිවැරදි දත්ත ලබා නොදෙන අකර්මණ්‍ය වූ තාක්ෂණික උපකරණ වල සේවය මුදලට ලබාදීම.
(Scanner ,detecter)
ඇත්තටම කිව්වොත් තැන්පතු යමක් ලබා ගැනීමේ අවස්ථාව උදාවෙන්නේ එය පසුපස හඹා යන පිරිසෙන් සියයට දශම ගානකට විතරයි. රිදෙන උන් දැන් ඉතින් මට බැනපල්ලා
##නිදන් යනු මිරිඟුවකි. නමුත් යථාර්ථයකි##
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

0 Comments