සතුන් සය දෙනා මුල් කොට වදාළ දෙසුම.
පින්වත් මහණෙනි,ඒක මේ වගේ දෙයක්.ඇඟපුරා තුවාල හට ගත්,පැස වූ තුවාල ඇති පුරුෂයෙක් කටු වනයකට ඇතුලු වෙනවා.එතකොට කුස කටු ඔහුගේ පාද හිල් කරනවා.කටු සහිත කොළ ඔහුගේ සිරුර සුරනවා.එතකොට පින්වත් මහණෙනි,ඔය විදියට ඒ පුරුෂයා බොහෝ සෙයින් ම ඒ හේතුවෙන් දුකට දොම්නසට පත් වෙනවා.
පින්වත් මහණෙනි,ඔය විදියේම ඇතැම් භික්ෂූවක් ගමට ගිය විට,ඇරණ්‍යයකට ගිය විට,නුගුණ කියන අය ලැබෙනවා. "ඒ මේ අයුෂ්මතුන් මේ විදියට වැඩ කරන්නේ.මේ විදිහයි ගති පැවතුම්,අපිරිසීදුයි.ගමට කටුවක්" කියලා ඒ පුද්ගලයා කටුවක් බව දැන සංවර වීමත්,අසංවර වීමත්,තේරුම් ගත යුතුයී.
පින්වත් මහණෙනි, අසංවර වන්නේ කොයි විදිහටද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවක් ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා.අප්‍රිය ස්භාවය ඇති රූපයට කිපෙනවා.කය පිළිබඳ සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා.පටු සිතින් ඉන්නවා.යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චිත්ත විමුක්තියත්,ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ.
කනෙන් ශබ්දයක් අසා ....(පෙ)....
නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ....(පෙ)....
දිවෙන් රස විදලා ....(පෙ)....
කයෙන් පහස ලබලා ....(පෙ)....
මනසින් අරමුණක් සිතලා ....(පෙ)....
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්.පුරුෂයෙක් වෙනස් වෙනස් තැන් ඇසුරු කරන,වෙනස් වෙනස් ගොදුරු ගන්නා ප්‍රාණීන් හය දෙනෙක් අරගෙන සවිමත් රුහැනකින් බඳිනවා.
නයෙක් අරගෙන රුහැනකින් බදිනවා.
කිඹුලෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
පක්ෂියෙක් අරගෙන රුහැනකින් බදිනවා.
බල්ලෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
සිවලෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
වදුරෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
ඒ රුහැන් පොටවල් එකතු කොට ගැටයක් ගහලා අත් හරිනවා.එතකොට පින්වත් මහණෙනි,වෙනස් වෙනස් තැන් ඇසුරු කරන, වෙනස් වෙනස් ගොදුරු ගන්නා ප්‍රාණීන් හයදෙනා තම තමන්ගේ ගොදුරු බිම්වලට,වෙසෙන තැන්වට වෙන වෙනම අදිනවා.
නයා අදින්නේ තුඹසට යන්ට ඕනේ කියලයි.
කිඹුලා අදින්නේ වතුරට යන්ට ඕනේ කියලයි.
පක්ෂියා අදින්නේ අහසට ඉගිලෙන්න ඕනේ කියලයි.
බල්ලා අදින්නේ ගමට යන්ට ඕනේ කියලයි.
සිවලා අදින්නේ සොහොනට යන්ට ඕනේ කියලයි.
වදුරා අදින්නේ වනයට යන්ට ඕනේ කියලයි.
පින්වත් මහණෙනි, ඔය සත්තු හයදෙනා යම් වෙලාවක වෙහෙසට පත්වෙනවාද, ක්ලාන්තයට පත්වෙනවාද,එතකොට ඔවුන් අතරින් ඉතා බලවත් වන්නේ යම් ප්‍රාණියෙක් ද ඔහු අනුව තමයි අනික් සතුන් ඉන්නේ.ඒ සතාගේ පස්සෙන් යන්නට වෙනවා.ඒ සතාගේ වසඟයට යනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටමයි, යම් කිසි භික්ෂුවක් විසින් කායානුපස්සනා භාවනාව වඩලා නැත්නම්,බහුල වශයෙන් ප්‍රගුණ කරලා නැත්නම්,
ප්‍රිය මනාප රූපවලට ඇස විසින් ඔහුව අදිනවා.අමනාප රූපවලට පිළිකුල ඇති වෙනවා.
ප්‍රිය මනාප ශබ්දවලට කන විසින් ඔහුව අදිනවා.අමනාප ශබ්දවලට පිළිකුල ඇති වෙනවා.
ප්‍රිය මනාප සුවදට නාසය විසින් ඔහුව අදිනවා.අමනාප ගඳට පිළිකුල ඇති වෙනවා.
ප්‍රිය මනාප රසට දිව විසින් ඔහුව අදිනවා.අමනාප රසයට පිළිකුල ඇති වෙනවා.
ප්‍රිය මනාප පහසට කය විසින් ඔහුව අදිනවා.අමනාප පහසට පිළිකුල ඇති වෙනවා.
ප්‍රිය මනාප අරමුණුවලට මනස විසින් ඔහුව අදිනවා.අමනාප අරමුණුවලට පිළිකුල ඇති වෙනවා.
පින්වත් මහණෙනි,ඔන්න ඔය ආකාරයටයි අසංවර වෙන්නේ.
පින්වත් මහණෙනි, සංවර වන්නේ කොයි විදිහටද?
පින්වත් මහණෙනි,මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාවය ඇති රූපයට ගිජු වෙන්නේ නෑ.අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙන්නේ නෑ.කය පිළිබඳ සිහිය පිහිටුවාගෙන ඉන්නවා.ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා.යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ නිසා ඒ චිත්ත විමුක්තියත්,ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා.
කනෙන් ශබ්දයක් අසා ....(පෙ)....
නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ....(පෙ)....
දිවෙන් රස විදලා ....(පෙ)....
කයෙන් පහස ලබලා ....(පෙ)....
මනසින් අරමුණක් සිතලා ....(පෙ)....
පින්වත් මහණෙනි, මේ වගේ දේකුත් තියෙනවා.පුරුෂයෙක් වෙනස් වෙනස් තැන් ඇසුරු කරන,වෙනස් වෙනස් ගොදුරු ගන්නා ප්‍රාණීන් හය දෙනෙක් අරගෙන සවිමත් රුහැනකින් බඳිනවා.
නයෙක් අරගෙන රුහැනකින් බදිනවා.
කිඹුලෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
පක්ෂියෙක් අරගෙන රුහැනකින් බදිනවා.
බල්ලෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
සිවලෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
වදුරෙකුත් අරගෙන රුහැනකින් බදිනවා.
සවිමත් රුහැනකින් බැඳලා,සවිමත් හුලක හරි,කනුවක හරි හොදට ගැටගහනවා.
එතකොට පින්වත් මහණෙනි, නොයෙක් නොයෙක් වාසස්ථාන ඇති,වෙනස් වෙනස් ගොදුරු කැමති,ඒ ප්‍රාණීන් හයදෙනා තම තමන්ගේ ගොදුරු බිමට,වාසස්ථානයට අදින්න පටන්ගන්නවා.
පින්වත් මහණෙනි,ඔය සත්තු හය දෙනා යම් වෙලාවක වෙහෙසට පත්වෙනවාද, ක්ලාන්තයට පත්වෙනවාද,එතකොට ඔවුන් අර හුල ගාව හරි,කනුව ගාව හරි නවතිනවා.ලගිනවා.හාන්සි වෙනවා,වසඟයට යනවා.
පින්වත් මහණෙනි,ඔන්න ඔය විදිහටයි යම් භික්ෂුවක් විසින් කායානුපස්සනා භාවනාව බඩලා තියෙනවා නම්,බහුල වශයෙන් ප්‍රගුණ කරලා තියෙනවා නම්,
ප්‍රිය මනාප රූපවලට ඇස විසින් ඔහුව අදින්නේ නෑ.අමනාප රූපවලට පිළිකුල ඇති වෙන්නේ නෑ.
කන විසින් ඔහුව අදින්නේ නෑ ....(පෙ)....
නාසය විසින් ඔහුව අදින්නේ නෑ ....(පෙ)....
දිව විසින් ඔහුව අදින්නේ නෑ ....(පෙ)....
කය විසින් ඔහුව අදින්නේ නෑ ....(පෙ)....
මනස විසින් ඔහුව අදින්නේ නෑ ....(පෙ)....
පින්වත් මහණෙනි,ඔන්න ඔය විදිහටයි සංවර වෙන්නේ.
පින්වත් මහණෙනි,ශක්තිමත් හුළ හෝ කනුව කියලා කියන්නේ මේ කායගතාසති භාවනාවට කියන නමක්.
පින්වත් මහණෙනි,එම නිසා ඔබ හික්මිය යුත්තේ මේ විදිහටයි.
"අප විසින් කායගතාසති භාවනාව ම යි වඩන්න ඕනේ.බහුල වශයෙන් ප්‍රගුණ කරන්න ඕන.යානාවක් මෙන් ප්‍රගුණ කරන්න ඕන.නිවසක් මෙන් ප්‍රගුණ කරන්න ඕන.ඉතා හොදින් පිහිටුවා ගන්න ඕන.වඩාත් පුගුණ කරන්ට ඕන.ඉතා උත්සාහවත්ව දියුණු කරගන්ට ඕන"
පින්වත් මහණෙනි,ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
සංයුත්ත නිකාය.
සළායතන සංයුත්තය.
ආසිවිස වර්‌ගය.
තෙරුවන් සරණයි!!!
දාන පාරමිතා 🙏

0 Comments