ඔබ මෙතෙක් නොදත් කිකිළි බිත්තරයේ කතාව

 

ඔබ කන්නේ කුකුල් බිත්තරද කිකිළි බිත්තරද ?

  ඒ කාලයේ විහිළුවට නැගූ ප්‍රශ්නයක් වූ එයට වඩා වැදගත් ප්‍රශ්නයක් දැන් ඔබ හමුවේ  ඇත. එනම්  ඔබ කන්නේ පන තියෙන කුකුළු පැටවකු ලබා ගත හැකි බිත්තරයක්  ද නැත්නම් එසේ නොවන එකක් ද යන්නයි. සාමාන්‍යයෙන් අපි ගම කිකිලියනට හෝ free range  නමින් හඳුන්වන නිදහස් පරිසරයේ අහුලාකන කිකිලියන්ගේ බිත්තර වලින් පැටව් ගත හැකි යයි විශ්වාස කරමු. එහෙත් මෙහි ඇත්තේ අර්ධ සත්‍යයක් බව හෙළිවී ඇත.

  දැනට සොයා ගෙන ඇති පරිදි කිකිළිය කුකුළකු සමග එක්වූ පමණින් ඌ සංශේචනය වූ බිත්තර දමන්නේ නැත. අනෙක් කුරුල්ලන්  මෙන් කිකිලියනට පිරිමි ලිංගික  සහකරුවන් හෝ ආදරවන්තයින් නොමැත. කුකුලා කරන්නේ තමන්ට වුවමනා වූ විට අභිමත කිකිළිය පිට මතට නැග සිය සිතැඟි ඉටු කර ගැනීමය. එය තුල රෝමාන්තික සම්බන්ධයක් නොමැත. කුකුලා සිය  ලිංගික  කාර්යයේ දී  මුදා හරින ශුක්‍ර ධාතු වෙන වෙනම තැන්පත් කර ගැනීමට කෝෂ කිහිපයක් කිකිළියගේ ගර්භාෂය හා යෝනි මාර්ගය එක්වන ප්‍රදේශය අසල තිබේ. නමුත් මෙය සිදුවන්නේ කිකිළිය එම කුකුළාට කැමති නම් පමණි. එසේ නොවන්නේ නම් ලිංගික කාර්යය නිමවූ විගසම කිකිළිය තමන්  කැමති නැති කුකුලාගේ ශුක්‍රාණු   එලියට විද ඉවත් කර  දමයි. එසේ කරන්නේ ඒ කුකුළාට දාව පැටවුන් බිහි කිරීමට ඇය අකමැති  හෙයිනි. එසේ සංසේචනය වුවත් නොවූවත් කිකිළිය බිත්තර දමයි. 

  කිකිළිය කුකුළාට කැමති වුවත් සංසේචනය වන අවස්ථාව වන විට බිත්තරය හටගෙන තිබුනොත් එයත් නිසරු බිත්තරයකි. බිත්තරයක් වර්ධනය වීමට පැය  25 ක් ගතවේ. මේ නිසා කුකුලා සමග එක්වූ පළමු දින හෝ දෙවන දින ලැබෙන බිත්තර සරු ඒවා නොවිය හැකිය. එහෙත් තුන්වැනි  දිනයේ ඌ ලන බිත්තරය සරු එකක් වීමේ විශාල සම්බාවතාවයක්  තිබේ. 

  කිකිළිය දිගටම සරු බිත්තර ලෑමේ ඉඩකඩ ඇති වීම තීරණය කරන්නේ උගේ අර ගර්භාශය අසල තැන්පත් කරගෙන තිබෙන විවිධ කුකුලන්ගේ ශුක්‍ර ධාතු වල ප්‍රමාණයයි. අනෙක,  හොඳින් සරු බිත්තර දමන කිකිළියකට  කුකුලා සමග එක දිනක් එක්වූ පසු දින 10 සිට 14 ක කාලයක් සරු බිත්තර දැමීමේ හැකියාව ඇත. මෙයින් පෙනෙන්නේ එවන් කිකිලියට කුකුලා ඉවත් කර තැබුවත් කාලයක් යන තුරු සරු බිත්තර දැමීමේ හැකියාව තිබෙන බවයි. 

  මෙහි තවත් පැත්තක් නම් හැම කුකුලකුම සරු කුකුළකු නොවේ. ඇතැම් කුකුළන් වඳ සතුන්ය. ඔවුන්ගේ ශුක්‍රානු සරු ඒවා නොවේ. එබැවින් ඔවුන් සමග එක්වන කිකිලියෝ ද සරු බිත්තර නොදමති. ඇත්තටම මෙය මිනිසුන්ගේ ජිවන චක්‍රය හා ගැලපේ. 

-උපුටා ගැනීම:Dodong Banggay ගේ සටහනකින්

Post a Comment

0 Comments